ලංගම බස් 1,400ක් අද මැතිවරණ රාජකාරීයට

නොවැ 15, 2019

    මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 1,400ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

    මීට අමතරව කොළඹ කොටුවේ සිට ක්‍රියාත්මක දුර ගමන් සේවා සඳහා ද විශේෂ බස්රථ ක්‍රියාත්මකයි. අද දින කොළඹ කොටුවේ සිට දෛනිකව ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස්රථවලට අමතරව, බස් රථ 150ක් ධාවනයට එක්කර ඇති බවයි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 12කින් මෙම බස්රථ ලබා දී තිබේ. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, මැතිවරණ රාජකාරීවල යෙදී සිටින නිලධාරීන් රැගෙනයාම හා ගණන් කිරීම් අවසන්වීමෙන් අනතුරුව, නිලධාරීන් නිවෙස් බලා ප්‍රවාහනය සඳහා එම බස් රථ යෙදවීමට නියමිතයි. සියලු බස් රථ මුදල් අය කර ගැනීමේ පදනම මත ලබා දෙන බවයි, ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලය පවසයි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 10:42

    Latest News