අද දිනයේ පාසල් ආරම්භ වීමත් සමඟ සිසු සැරිය බස් රථ සම්පූර්ණ ප්‍රමාණයම ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙයි.

අද (21) සහ හෙට (22) දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය කියා සිටියි.

දීර්ඝ නිවාඩුවේ දී ඡන්දය දැමීමට ගමට යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් කර තිබේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 1,400ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

Latest News