මෙරට ත්‍රීරෝද රථ රියදුරන් සඳහා ආරක්‍ෂිත මුව ආවරණ 50,000ක් චීනයෙන්

ජූලි 29, 2020

    මෙරට ත්‍රීරෝද රථ රියදුරන් සඳහා ආරක්‍ෂිත මුව ආවරණ පරිත්‍යාග කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව, මුව ආවරණ 50,000ක් අද පිරිනැමිණ.

    ඒ පිළිබඳ කෙටි උත්සවයක් පැවැත්වුණේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්. ඒ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී. අද උදේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි. චීන පරිත්‍යාග කට්ටලයට කොවිඩ්-19 රෝගයෙන් වැළකීමට අවශ්‍ය උපදෙස් සහතික පත්‍රිකා 35,000ක් ද ඇතුළත්.

    සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය නියෝජනය කරමින් එහි උප සභපති එම්.ජේ.එම්. හමීඩ් මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් සංකේතාත්මකව එම කට්ටල තොගය බාර ගත්තේ, ශ්‍රී ලංකාවේ වැඩබලන තානාපති හු වෙයි මහතා අතින්. මගියා සහ රියදුරා අතර සමීපතම සම්බන්ධතාව පවත්වන ප්‍රධානතම ප්‍රවාහන සේවය වන්නේ ත්‍රිරෝද රථ සේවාවයි. එබැවින්, ඔවුන් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතු බව අනිල් ජාසිංහ මහතා පවසයි.

    Latest News