චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්

සැප් 09, 2022

    චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් ප්‍රදානය කර තිබේ.

    එය නිල වශයෙන් රජය වෙත ලබා දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්යසුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා ඇතුළු දෙපාර්ශවයේම නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

    සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දේ, තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වේ.

    Latest News