නීතිය රකින්න උදව්වෙන්න පොලිසියට චීනෙන් ලැබුනු දේ

නොවැ 11, 2023

    මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දුන් යතුරුපැදි සහ ඩෙස්ටොප් පරිගණක තොගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් බාර දීම ඊයේ සිදු කෙරුණා.

    ඒ, ජනාධිපති කාර්යාලයේදී. රනොමොටෝ වර්ගයේ යතුරුපැදි 26 ක් සහ ලෙනොවෝ වර්ගයේ ඩෙක්ස්ටොප් පරිගණක 100 ක් චීන සමූහාණ්ඩුව විසින් ලබා දී තිබෙනවා. එම පරිත්‍යාගයට අදාළ කටයුතු සම්බන්ධීඛරණය කරනු ලැබ ඇත්තේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතා විසින්.

    පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මෙරට චීන තානාපති චී සෙන්හොන්ග් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව යතුරුපැදි සහ පරිගණක තොගය ලබා දී තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කර ගැනීම එහි අරමුණයි.

    පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබුවා. පොලිස්පතිවරයා සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News