කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ නව වැනි පෙරහැර අද

ජූලි 29, 2020

    ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ නව වැනි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි.

    අටවැනි පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළේය. පෙරහැර පිටවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කළේය. අනතුරුව පුරාණ චාරිත්‍ර ඉටුකර නැවත මහ වීදිය ඔස්සේ මහා දේවාලයට ගෙවැදීමෙන් පෙරහැර අවසන් කෙරිණ. කතරගම දේව ප්‍රතිමාව වැඩම කරනු ලැබුවේ, වාසනා හස්තිරාජයා විසින්. අවසන් මහා පෙරහැර ලබන තුන් වැනිදා වීදි සංචාරය කිරීමට නියමිතයි. 4 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් අනතුරුව, කතරගම ඇසළ මංගල්‍යය නිමාවට පත්වේ.

    Latest News