බන්ධනාගාර තුළට පාර්සල් විසිකිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (වීඩියෝ)

ජූලි 28, 2020
  • කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන ඇතුළත් පාර්සල් විසිකිරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ඒ එලෙස විසි කිරීමට සූදානම් කර තිබූ පාර්සලයක් සමඟයි. එහි තිබී හෙරොයින් ග්‍රෑම් 10ක්, ජංගම දුරකතන 04ක්, ජංගම දුරකතන බැටරි 06ක්, දුම්කොළ හා තේ කොළ යනාදිය සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. 32 හැවිරිදි සැකකරු බොරැල්ල සීවලි පටුමඟ පදිංචිකරුවෙක්. ඔහු හෙට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

    මේ අතර කළුතර අධිකරණ සංකීර්ණයට පැමිණි බන්ධනාගාර බස් රථයකට මෙවැනිම පාර්සලය විසි කළ පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. බස් රථයට රැඳවියන් පිරිසක් නංවමින් සිටියදී, මෙම පාර්සලය විසිකර ඇති අතර, එය දුටු බන්ධනාගාර නිලධාරීන් සැකකරු ලුහුබැඳ ගොස් අල්ලාගෙන තිබේ. සැකකරු, දකුණු කළුතර පොලිසිය වෙත භාර කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:32

    Latest News