STF වැටලීම්වලින් නීතිවිරෝධි ගිණි අවි රැසක් අත්අඩංගුවට (වීඩියෝ)

ජූලි 28, 2020
  • පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කුරුණෑගල, වැල්ලව නිකඳලුපොත ප්‍ර දේශයේදී ටී 56 ගිනි අවියක් හා ජීව උණ්ඩ 22ක් සහිත මැගසිනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    වැටලීම සිදු කෙරුණේ, අද අලුයම 5.30ට පමණ. 52 හැවිරිදි සැකකරු පෑලියගෙඩ ප්‍ර දේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කණ්ඩායමක සාමාජිකයෙක් බව හෙළි වී තිබේ. ඔහු ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට නියමිතයි.

    මේ අතර, රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඇල්පිටිය, කහදූව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් “ටී කටස්“ වර්ගයේ ගිනි අවියක්, කඩුවක් සහ ජීව පතොරම් 05ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 25 හැවිරිදි වතුරවිල, කහදූව ප්‍ර දේශ යේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:31

    Latest News