එජාප සියළු සංවිධායකවරු අද සිරිකොතට

සැප් 30, 2019

    එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ජාවක් අද (30) උදෑසන 10.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ. රැස්වීම පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් එහි ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවත් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරේ. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් මීට එක්වීමට නියමිතයි.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 09:07

    Latest News