ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ඇඳුම් අමෙරිකාවට අපනයනයට අවස්ථාව

ජූලි 28, 2020

    ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තම රටට අපනයනය කිරීම සඳහා, අවස්ථාව ලබාදෙන බව අමෙරිකාව පවසයි.

    ගෝලීය වසංගත තත්වය හේතුවෙන් එම අවස්ථාව උදාවී තිබේ. ශ්‍රී ලංකා ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල පවත්නා ගුණාත්මක භාවය නිසා අන්තර් ජාතික වෙළෙඳ පළේ තරගකාරී භාණ්ඩ සමඟ පහසුවෙන් තරග කළ හැකි බව, මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය සමඟ ඇතිකරගත් සහයෝගිතාවයට අනුව මෙම අවස්ථාව ලැබී තිබේ. ඊට සහය දක්වන්නේ, අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ආයතනයයි. මෙමගින් මෙරට ආරක්‍ෂිත ඇඳුම් නිෂ්පාදකයින් සිය දෙනෙකුට පමණ අවස්ථාව හිමිවේ. මෙරට ඇඟලුම්වල ගුණාත්මකභාවය සහ තත්වය පසුගිය කාලසීමාවේදී ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News