සෙංකඩගල මංගල්‍යයට කප් සිටවූ වගයි

අගෝ 17, 2023

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල කප් සිටුවීම අද (17) සිදුකෙරුණා.

    ඒ පෙරවරු 6.12ට යෙදෙන සුබ මොහොතින්.

    නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය කළ බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවා.

    කප් සිටුවීමෙන් පසු ලබන 21 දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

    Latest News