විදෙස් නාවිකයින් 47ක් දිවයිනට

ජූලි 15, 2020

    කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම් ලා ඇති නැව්වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙක් කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    අද (15) අලුයම කටාර් රාජ්‍යයේ සිට මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    මේ අතර ඉන්දියාවේ බැංගලෝර් සිට තවත් විදේශීය නාවිකයන් 05 දෙනෙක් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණියේය. ඒ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6-ඊ 9093 දරණ ගුවන් යානයෙන්.

    මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ රැඳී සිටි නාවිකයන් 17 දෙනෙක් රැගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත මත්තල ගුවන්තොටුපළෙන් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

    Last modified on බදාදා, 15 ජූලි 2020 10:23

    Latest News