රාජංගනයේ අවදානම් කලාප 11ක්

ජූලි 13, 2020

    අද දින රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ යුද හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂාව තර කර තිබේ.

    අද දින උදෑසන වන විට කොරෝනා රෝගය වැළඳී ඇතැයි හඳුනාගෙන තහවුරු කරගෙන ඇති රෝගීන් සංඛ්‍යාව දාහතරකි. 

    මේ වන විට රාජාංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අවදානම් කලාප හැටියට ග්‍රාම සේවා වසම් 11ක් හඳුනාගෙන තිබේ.

    දිවයින පුරාම අද දිනයේ දී තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් අද දිනයේ දී රාජාංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැපැල් ඡන්දය ඇතිවී ඇති තත්වය හමුවේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු දහදෙනකු අද දින සේවයට වාර්තා කර ඇති අතර ජනතාව වෙනුවෙන් කිසිදු සේවාවක් අද දිනයේ දී නොපැවැත්වෙන බව ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පවසා සිටියේ.

    Latest News