කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

තාවකාලික සංචරණය සීමා කෙරුණු, රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම්වලින් දෙකක සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ රාජාංගණය හා ලංකාපුර ප්‍රදේශවල පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

කොරෝනා වසංගත තත්වය පැතිරයාම හේතුවෙන් රාජාංගනය යාය 01,03, හා 05 ප්‍රදේශවල සංචාරය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දින රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ යුද හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂාව තර කර තිබේ.

Latest News