රාජාංගනයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවතට

ජූලි 31, 2020

    කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

    රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට පනවා තිබූ සංචරණ සීමාවන් පසුගිය 27 වැනිදා සිට අදියර දෙකක් යටතේ ඉවත් කිරීමටයි පියවර ගෙන තිබේ.

    මේ අතර පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයාගේ ආශ්‍රිතයින් පිරිසක් අද (31) දිනයේ ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

    ඊයේ එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් 158 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 16:16

    Latest News