ඊයේ දිනට "කොවිඩ් 19" ආසාදිතයින් 7ක්

ජූලි 02, 2020

    මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07 දෙනෙකු හඳුනා ගැනිමත් සමගයි.

    එම රෝගීන් 07 දෙනාගෙන් සිව් දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙක් හා එක්සත් රාජධානීයේ සිට පැමිණි පුද්ගලයෙක් ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් රෝගීන් බවට හඳුනා ගැනිණ.

    ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 295ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1748ක් වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 10:15

    Latest News