විභාග දින පිළිබඳ තීරණය ලබන සතියේ

ජූලි 02, 2020

    පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දීමට නියමිත බව අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මාධ්‍ය හමුවේ දී කියා සිටියේ, ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඒ මහතා කියා සිටියේය.

    ඒ අනුව, ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී දරුවන්ට විභාගයට සුදානම් වීමට අවශ්‍ය කාලය කළමනාකරණය කරමින් විභාග පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

    ඒ අනුව ලබන සතිය තුළ විභාග දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 10:59

    Latest News