විදේශීය නාවිකයින් 155ක් මත්තලට

ජූලි 01, 2020

    කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සඳහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155ක් අද (1) උදෑසන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    වාමෝස් ගුවන් සේවයට (Wamos Air ) අයත් ඊ.බී - 544 දරන විශේෂ ගුවන් යානයෙන් රෝමයේ සිට අද උදෑසන 10.20ට මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත මෙලෙස පැමිණ තිබුණි.

    මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරේ.

    අනතුරුව පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කීහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතයි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 11:35

    Latest News