ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම මත්තලින් දිවයිනට

ජන 09, 2021

    දකුණු අප්‍රිකානු සංචාරය නිමා කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (08) පස්වරුවේ මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

    ඊයේ රාත්‍රී 8.30ට පමණ මත්තල ගුවන් තොටුපලට පැමිණි ඔවුන් ගුවන්තොටුපල පරිශ්‍රය තුලදීම පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ඉදිරියේ දි ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සදහා ගාල්ල බලා පිටත් විය.

    කෙසේ වෙතත් පසුගිය තරග පරාජයත් සමග කණ්ඩායම තුල ඇති වූ මානසික බිද වැටීම සමනය කර ඉදිරි තරග සදහා මුහුණදීමට සූදානම් බව, නායක දිමුත් කරුනාරත්න මාධ්‍ය ඉදිරියේ අදහස් පල කරමින් කියා සිටියේය.

    Latest News