7වැනි යුක්රේන සංචාරක පිරිස මත්තලින් දිවයිනට

ජන 12, 2021

    රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව යුක්රේනයේ ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555 දරණ ගුවන් යානයෙන් අද (12) පස්වරු 2.45ට සංචාරකයින් 165 දෙනෙක් මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ.

    එම පිරිස අදාල හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට නියමිතයි.

    ඒ අනුව ඔවුන් මෙරටට පැමිණි 7 වැනි යුක්රේන සංචාරක කණ්ඩායමයි. මේ අතර මේ වන තෙක් පැමිණි ඇති සංචාරකයින්ගෙන් 178 දෙනෙක් එම ගුවන්යානයෙන්ම නැවත යුක්රේනය බලා පිටත් විය.

    Latest News