කසකස්ථානයේ 4වැනි සංචාරක කණ්ඩායමත් මත්තලින් දිවයිනට

පෙබ 18, 2021

    කසකස්ථානයේ අල්මාට් ගුවන්තොටුපලේ සිට DV 5059 දරණ ගුවන් යානයෙන් අද (18) පෙරවරු 08.45ට කසකස්ථාන සංචාරකයින් 211 දෙනෙක් දිවයිනට පැමිණියේය.

    ස්කැට් ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය සංචාරකයින් රැගෙන මත්තලට පැමිනි දෙවන අවස්ථාව මෙයයි.මේ කසකස්ථානයේ සිට දිවයිනට පැමිණි හතරවන සංචාරක කණ්ඩායමයි. අද රාත්‍රීයේදී මීට පෙර මෙරටට පැමිනි කසකස්ථාන සංචාරකයින්ගෙන් 194 දෙනෙකු නැවත සිය මවු රට බලා ගමන් කිරීමට ද නියමිතයි.

    ශ්‍රී ලංකාවේ වසංගත තත්වය ද සැලකිල්ලට ගනිමින් සතියකට වරක් අල්මාට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගිය දෙසැම්බර් 28 දින සංචාරකයින් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ආරම්භ විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 පෙබරවාරි 2021 12:03

    Latest News