කටුනායකට පැමිණි ගුවන් යාන මත්තලට හරවයි

ඔක් 24, 2019

    කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.

    අද (24) උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්ස වීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 192 දරන ගුවන් යානය මෙලෙස මත්තල ගුවන් තොටුපළ වෙත උදෑසන 9.30 ට ගොඩ බස්වා තිබෙන්නේ.
    කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 10:31

    Latest News