කටාර් සිටි ලාංකිකයින් 264ක් මෙරටට

ජූලි 01, 2020

    කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 264ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 218 දරන විශේෂ ගුවන් යානය මෙම මගීන් පිරිස රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද අලුයම 5.40ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීම සිදු කෙරිණ.

    මේ අතර, කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් එරට සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 08ක් දින අලුයම 1.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 11:38

    Latest News