ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය පිරිවෙන් අධ්‍යාපනයට ලබා දිය යුතුයි. ඊයේ රැස් වූ බෞද්ධ උපදේශක සභාව හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.
බෞද්ධ උපදේශක සභාව රැස්වූයේ තෙවන වරටයි. එය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. පිරිවෙන් විෂය නිර්දේශය සංශෝධනය විය යුතු බව මහ සංඝරත්නය මෙහිදී අවධාරණය කළේය. පිරිවෙන් විෂය මාලාවට සමගාමීව තොරතුරු තාක්ෂණය ඉගැන්වීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණ.