ෂී ජින් පිංගෙන් ජනපතිට විශේෂ ලිපියක්

ජූනි 19, 2020

    කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීමේ දී චීනය හා ශ්‍රී ලංකාව සාර්ථක වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශවල කැපවීම නිසා බව චීන ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා පවසයි. ජුනි 20 වැනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුභ පතමින් චීන ජනාධිපතිවරයා යොමු කළ ලිපියක මේ බව සඳහන්.

    ශ්‍රී ලංකාවේ වැඩබලන චීන ජනාධිපති හූ වෙයි මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය. එහිදී ඔහු එම ලිපිය ජනාධිපතිතුමාට පිළිගැන්විය. කොවිඩ් 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳව චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනාගෙන ඇතැයි, චීන දූත පිරිස එහිදී චීන රජයෙන් වෛද්‍යාධාර තොගයක් ද එවා තිබේ.

    ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආධාර තොගයක් ද එවා තිබේ. ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබි ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මැතිතුමාට බාරදෙනු ලැබීය. දුෂ්කර අවස්ථාවේදී මෙරටට සහයදීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීන ජනාධිපතිවරයාට චීන ජතාවට හා චීන සමාගම්වලට සිය ස්තූතිය පුද කළේය.

    Latest News