මහවැලි එල් කලාපයට නව බස් සේවාවක්

ජූනි 19, 2020

    මහවැලි එල් කලාපයේ ගම්මාන අතර බස්රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ එම ගම්මානවල ජනතාව රජයෙන් කර තිබූ ඉල්ලීමකට අනූවයි. ඒ අනූව, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ. මුල් අදියර ලෙස ලංගම බස්රථ 2ක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

    එය ජුලි මස දෙවැනි දින සිට ක්‍රියාත්මකයි. දිනපතා ගමන්වාර 4ක් ක්‍රියාත්මක කිරිමටයි, පියවර ගෙන ඇත්තේ. නව බස් සේවාව මගින් වව්නියාව,මුලතිව්,අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජනතාවට සෙත සැලෙසයි.

    Latest News