මාධ්‍යයෙන් පෙ‍ාහොර ගල් කිරීමට ඇමතිගෙන් උත්තර

ඔක් 31, 2023
    යුරියා ඇතුළු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් විසින් කරන ප්රකාශ සමහර මාධ්ය ඔස්සේ විකාශය වුවත් කිසිදු පොහොර හිඟයක් රට තුළ නැතැයි කෘෂිකර්ම හා වැවිලි අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    මෙවර මහ කන්නය සඳහා අවශ්ය තරම් පොහොර රාජ්ය අංශයේ පොහොර සමාගම් දෙක මගින් හා පුද්ගලික අංශය මගින් සැපයීමට කටයුතු යොදා තිබෙනවා.

    රජය විසින් ගොවීන්ට පොහොර මිල දී ගැනීම සදහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.
    මුදල් උපයෝගී කර ගනිමින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.
     
    එමෙන්ම රජයේ පොහොර සමාගම් දෙක විසින් රුපියල් 9,000ක මිලකට යුරියා පොහොර කිලෝග්රෑම් 50ක මිටියක් අලෙවි කරන අතර පුද්ගලික අංශය විසින් මේ වනවිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 8,500ක් දක්වා අඩු කර තිබෙනවා.
     
    දිවයිනේ සෑම ප්රදේශයකටම පොහොර සැපයීම සිදු කර ඇති අතර පොහොර කිසියම් ප්රදේශයකට හෝ ස්ථානයකට ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්යාංශයට දැනුම් දිය හැකි බවත්, හිඟයක් පවතින්නේ නම් ඊට හේතුව හඳුනාගෙන කඩිනමින් පොහොර සැපයීමට හැකි බවත් අමාත්යවරයා සඳහන් කරනවා.
     
    මෙවර මහ කන්නයේ දී යුරියා හා බන්ඩි පොහොර රජය හා පුද්ගලික අංශය මගින් සපයන අතර මඬපොහොර පුද්ගලික අංශය මගින් සැපයීමට පියවර ගෙන තිබෙනවා.
     
    එමනිසා රට තුළ හිඟයකින් තොරව යුරියා හා අනෙකුත් පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ ක්රියාත්මක කර තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ පිරිස් විසින් පොහොර හිඟයක් ඇතැයි කියමින් ගොවීන් අකර්මණ්ය කිරීමේ කටයුතුවල නිරතව සිටින බව පෙනී යනවා.
     
    නමුත් කෘෂිකර්මාන්තය උදෙසා රජය විසින් දැනට පවතින මුල්ය අපහසුතා මධ්යයේ වුවද අවශ්ය සහයෝගය පළ කරන බව ද කෘෂිකර්ම හා වැවිලි අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා

    Latest News