දරුණු අපරාධකරුවන් බූස්සට (වීඩියෝ)

ජූනි 16, 2020
  • දරුණු ගනයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීම ඊයේ සිට ආරම්භ කළ බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ඔහු කියා සිටියේ, කිසිදු රැඳවියෙකුට බූස්ස බන්ධනාගාරයේ සිට දුරකතන ඇමතුම් ලබාගැනීමට නොහැකි වන පරිදි එහි තාක්‍ෂණික උපකරණ සවිකර ඇති බවයි.

    විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න...

    “පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ බන්ධනාගාරයේ ඉඳලා. බන්ධනාගාරයේ යම් කිසි නිලධාරින් කොට්ටාසයක උදව්වෙන් තමයි මේක යන්නේ. නමුත් STF එක දැම්මට පස්සේ ඇතුලේ ඉන්න නමගිය අපරාධ කරුවෙකුට ගෙන ගිය රුපියල් එක් ලක්‍ෂ පනස්දාහක් STF එකෙන් අල්ලා ගත්තා. බූස්සට දක්‍ෂ නිලධාරියෙක් පත්කරලා තියෙනවා.“ යැයි කමල් ගුණරත්න මහතා පැවසීය.

    රාජ්‍ය නිලධාරීන් පාලනය කිරීමට තමන් උත්සහ දරන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන ප්‍රචාර කමල් ගුණරත්න මහතා තරයේ ප්‍රතික්‍ෂේප කළේය.

    Last modified on අඟහරුවාදා, 16 ජූනි 2020 20:22

    Latest News