ETI සමාගමේ අධ්‍යක්ෂවරු 4කට වරෙන්තු

ජූනි 16, 2020

    ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද වරෙන්තු නිකුත් කළා.

    තැන්පතු මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවකු ගොනු කර ඇති පැමිණිල්ලක් අද කැඳවු ලැබූ අවස්ථාවේදී ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක ඉදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අදාල සමාගමේ අධ්‍යක්ෂවරු සිව්දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    Latest News