අද සිට ඇඳිරිනීතිය ලිහිල් කෙරේ

ජූනි 14, 2020
    අද (14) සිට ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කෙරේ.
    ඒ අනුව නැවත දැනුම්දෙන තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
    මීට පෙර රාත්‍රී 11.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි.
    රජය විසින් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදී සහ එදිනෙදා ජීවිතයේ දී කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

    Latest News