මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 411ක් අත්අඩංගුවට

ජූනි 14, 2020

    පොලීසිය බස්නාහිර පළාතේ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා කාල සීමාවේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ සැකකරුවන් 411 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 408ක්. හෙරොයින් ජාවාරම් සම්බන්ධ වැටලීම 170ක් සිදු කර ඊට සම්බන්ධ සැකකරුවන් 170 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් සිදු කෙරුණු වැටලීම් සංඛ්‍යාව 88ක්.

    පොලීසිය පවසන්නේ, නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැටලීම් 102ක් සිදුකළ බවයි. ගෝඩා සහ අයිස් යන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද වැටලීම් සිදු කෙරිණ. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 33 දෙනෙක්. වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධව ද 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on ඉරිදා, 14 ජූනි 2020 11:11

    Latest News