සිංගප්පූරුවේ සිට ලාංකිකයන් 291ක් දිවයිනට

ජූනි 02, 2020

    සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙක් අද (02) දිවයිනට පැමිණීමට නියමිත බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    ඔවුන් PCR පරීක්ෂණවලින් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

    මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 11 ,608 දක්වා ඉහළ ගොස් තිබේ.

    යුද හමුදාව පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථාන 44 ක තවත් 4988 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 17:23

    Latest News