කොළඹ-මොස්කව් ගුවන් ගමන් නවතී

මාර් 28, 2022

    ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකළ ගුවන් ගමන් අද (28) සිට අත්හිටුවා තිබේ.

    පාලනය කළ නොහැකි මෙහෙයුම් සීමා නිසා එම තීරණය ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

    රුසියාවේ තත්වය යථාතත්වයට පත් වූ පසු එම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම නිවේදනය කරයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන් සේවා ක්‍රියාත්මක කළේය.

    Latest News