සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් - ජනපති

සැප් 27, 2022

    සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි. 

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

    ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කර තිබේ. 

    dd1b4c579a572f294a7f19e9913e7c24

    Latest News