සිංගප්පූරුවේ සිටි පිරිසක් දිවයිනට

අගෝ 12, 2020

    සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    මොවුන් අද (12) සවස 5.00ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 303 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනාම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කෙරිණ.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 18:07

    Latest News