31 ඉරිදා සියලු දිස්ත්‍රික්කවලට දවස පුරා ඇඳිරිනීතිය

මැයි 28, 2020

    ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

     ඒ අනූව ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ මෙසේයි.

    • මැයි 31 ඉරිදා,දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
    • ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.
    • ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
    • ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.

     

    Latest News