ඊයේ ස්ටිකරයෙන් අද ගමන්කරන්න බෑ

ජූනි 03, 2021

    අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන හඳුනාගැනීම වෙනුවෙන් පොලීසිය හඳුන්වාදුන් ස්ටිකර් ක්‍රමය අද (03) දිනයේත් ක්‍රියාත්මකයි.

    ඒ අනූව අද දිනයේත් ස්ථාන 52ක දී කොළඹ නගරයට ඇතුලු වන සහ පිටවන වාහන පරීක්ෂා කරමින් ඒවායේ ස්ටිකර ඇලවීම සිදුකෙරේ.

    අද දිනයේ එම ස්ටිකර් ක්‍රමය වෙනත් වර්ණයකින් ක්‍රියාත්මක බැවින් ඊයේ දිනයේ ලබාදුන් ස්ටිකර්වලින් අද දිනයේ ගමන් කළ නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

     

    Latest News