ගත වූ පැය 24 ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳ වූ සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 23 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

ඊයේ(28) රාත්‍රී 10 සිට අද උදෑසන 04.00ට අවසන් වූ පැය 6 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 45ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අද(24) උදෑසන 06.00න් අවසන් වූ ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 152ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ(06) උදැසන 6 සිට අද(07) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1107 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය සඳහන් කරයි.

ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇඳිරි නීතිය උල්ලංගනය කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්‌ මේවන විට පුද්ගලයින්‌ 7,358 දෙනෙක්‌ අත්‌අඩංගුවට ගෙන තිබේ.

Latest News