කොළඹ අවට පැය 18ක ජල කප්පාදුවක්

මැයි 28, 2020

    අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව , 30 වන සෙනසුරාදා උදෑසන 9 සිට 31 වන ඉරිදා දින අලුයම 3 දක්වා පැය 18 ජල කප්පාදුවක් කොළඹ 02, 03, 07, , 08, 09, සහ 10 යන ප්‍රදේශවල සිදු වෙනු ඇත.

    ‍මීට අමතරව කොළඹ 1 යන ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

    Latest News