සුවය ලැබූ නාවික සාමාජිකයින් ගණන 122ක්

මැයි 20, 2020

    තවත් නාවික හමුදා සාමාජිකයින් 12කගේ ශරීර තුල වෛරසය නොමැති බවට PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

    ඒ අනූව, මේ වන විට සමස්ථ නාවික හමුදා සාමාජිකයින් 221ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත. නමුත් ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    මෙම නාවික හමුදා සාමාජිකයින් 12 දෙනාගෙන් 07 දෙනෙක් නාවික මහ රෝහලෙහිද, සිව් දෙනෙකු IDH රෝහලෙහිද, එක් නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

    Latest News