හේලීස් සමාගමෙන් ත්‍රිවිධ හමුදාවට මිලියන දෙකක ද්‍රව්‍යමය පරිත්‍යාගයක්

මැයි 20, 2020

    කොවිඩ් -19 වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙනුවෙන් රුපියල් මිලියන දෙකක පමණ වටිනාකමකින් යුත් හේලීස් නිෂ්පාදන අද (20)  පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

    ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් ගේ පරිහරණය සඳහා මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුතු රේසර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.

    මෙම අවස්ථාවට හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා, අධ්‍යක්ෂ ක්‍රිශාන්ත හරඹආරච්චිගේ මහතා සහ එම ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ කසුන් නානායක්කාර මහතා යන අය සහභාගී වූහ.

    Latest News