නිරෝධායන අවසන් කළ 12ක් බූස්සෙන් පිටව යයි

මැයි 20, 2020

    බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 12 දෙනෙක් ඊයේ (19) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

    සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ජාත්‍යන්තර නෞකා ආරක්‍ෂණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 12 දෙනෙක් මෙලෙස බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේය. මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් කටයුතු කරන ලදි.

    ඒ අනුව, මේ වන විට කණ්ඩායම් 21ක් වශයෙන් පුද්ගලයින් 158ක් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙහි ශ්‍රී ලාංකික පුද්ගලයින් 73 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

    Latest News