ජපානයේ , නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 455 දරන එම ගුවන් යානය අද දින අලුයම 3.38ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙහි සිටි මගීන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු ද විෂබීජහරණය ලක් කර තිබේ.
එයින් පසුව මෙම මගීන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව පරීක්ෂා කර තිබේ.
මෙම සියලු පරීක්ෂණයන් නිමාවට පත් වූ පසු , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මඟින්, මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.