පසුගිය මාර්තු මස 18 වන දින සිට අද (16) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පුද්ලගයින් 12482 ක් සඳහා නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. නඩු පැවරීමවලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 4808 ක් බවද පොලීසිය පවසයි.
ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 55506 දෙනෙක් හා වාහන 15216 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.