ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යථාතත්ත්වයට

මැයි 10, 2020

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය, හෙට(11) සිට යථාතත්වයට පත් කිරීමට නියමිතව තිබේ.

    එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවා හෙට සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

    රාජකාරි සඳහා යළි සක්‍රීය වන ආයතන පවත්වාගෙනයාමේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරිම අනිවාර්යය වෙයි.

    දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය උපදෙස් ලබා දි ඇත්තේ.

    මහජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම තහනම් වන අතර  ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා කටයුතු සඳහා ගමන් කරන අයට පමණක් සීමා කර තිබේ.

    අවශ්‍යයෙන්ම සේවයට වාර්තාකළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටිය යුතු වෙයි.

    කවරෙකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමේ කටයුතු සඳහා පමණක් වන අතර එම සෑම අවස්ථාවකම වෛරස පාලනයට නියම කර ඇති සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.‍

    හෙට සිට ජනජිවිතය යථාතත්වයට පත් කිරිමේ වැඩපිළිවෙළ සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය අද(10)  නිකුත් කිරිමට ද නියමිත බව වාර්තා වෙයි.

    මේ අතර පසුගිය මැයි 06 වනදා රාත්‍රී 08.00 සිට දිවයින පුරා පැනවු ඇදිරි නිතිය හෙට අළුයම 5 ට ඉවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 08:36

    Latest News