ලංගම අවශ්‍යතාවයට පමණයි

මැයි 09, 2020

    ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වනවිට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇදිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වනවිට තීරණය කර තිබේ.

    ඒ අනුව ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

    Latest News