බැංගලෝර් සිටි ලාංකිකයින් 164ක් දිවයින පැමිණෙයි

අප්‍රේ 28, 2020

    ඉන්දීයාවේ බැංගලෝර්හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද  දහවල් 12.40ට පමණ ඔවුන් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ. එම පිරිස රැගෙන ඒම සදහා අද උදෑසන 09.10 ට අදාල ගුවන් යානය බැංගලෝර් බලා කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගියේය. 

    දිවයිනට පැමිණි මෙම සියලු දෙනා නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි. 

    Latest News