මෙරට සිසුන් ගෙන ඒමට පිටත් වූ ගුවන් නියමුවෝ

අප්‍රේ 21, 2020
    ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.  
    කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.
    විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන්නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදු කෙරේ.
    අද දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතය.
    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 17:46

    Latest News