මාලදිවයිනේ රැඳී සිටි තවත් ලාංකිකයින් 287 දෙනෙක් අද දහවල් දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීයාවේ බැංගලෝර්හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

විදේශ රටවල රැඳී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් හෙට (23) මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.  

ඉතිහාසයේ මුල් වතාවට සම්පූර්ණයෙන්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා පිටත්විය.

Latest News