ප්‍රධාන බෝග 14ක් සඳහා රජයෙන් සහතික මිලක්

අප්‍රේ 23, 2020

    දේශීය කෘෂිකර්මය නඟා සිටුවමින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරි යලකන්නයේ ප්‍රධාන බෝග වර්ග 14ක් සඳහා සහතික මිලක් නියම කර තිබේ.

    අද(23) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    ඒ අනුව, මෙම මිල ගණන්වලට වෙළඳපොළේ බෝග මිලදී ගැනීම සිදු නොවුණහොත් රජය මැදිහත් වී අදාළ මිලට ගොවීන්ගෙන් එම බෝගයන් මිල දී ගැනීමට කැබින්ට මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    බෝග වර්ග 14ක් සඳහා කිලෝග්‍රෑම් 1කට මිල

    බඩඉරිඟු                රු.  50.00

    අර්තාපල්                රු.  100.00

    ලොකු ලූනු            රු.  100.00

    රතු ලූනු                රු.  110.00

    උඳු                      රු.  220.00

    මුං ඇට                  රු.  200.00

    රටකජු                  රු.  220.00

    වියළි මිරිස්            රු.  650.00

    සෝයා බෝංචි       රු. 125.00

    කුරක්කන්            රු.  175.00

    කවුපි                   රු.  220.00

    තල                    රු.  200.00

    කොල්ලු              රු.  250.00

    කහ                    රු.  80.00

    ඉරිඟු                  රු.  125.00

    සුදු ලූනු              රු.  350.00

    Latest News